hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 06, ප.ව. 12:49


ප්‍රියමාලිගේ හුටපටේට අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධනට ලැබුණු අධිකරණ නියෝගය

මෙරට කෝටිපති ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කළ බව කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණි තිළිණි ප්‍රියාමාලිට මුදල් වංචා කිරීමට ආධාර අනුබල දීම, මුදල් සාවද්‍ය පරිහරණය කිරීම චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ක්‍රිෂ් කාල්ටන් ව්‍යාපාරයේ කළමණාකරණ අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා.

හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාගෙන් රුපියල් ලක්ෂ 800ක මුදලක් වංචා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් අනුව ගොනු කර තිබූ නඩුව කැදවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇය මුදා හරින ලෙස නියෝග අතර තිබිණි ප්‍රිය මාලි වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකාරිය ලබන 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

රුපියල් පනස් දහසක මුදල් ඇපයක් රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලද අතර සැකකාර ජානකී සිරිවර්ධනගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසත් නියෝග කළා.

එමෙන්ම ඇප ලැබූ පසු සෑම මසකම අවසාන ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත් වරයා ඇප කොන්දේසි ඉදිරිපත් කරමින් කියා සිටියා.

ඇපකරුවන්ගේ පදිංචි සහතික ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණා.

ජානකී සිරිවර්ධනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු තුනක් ගොනු කර ඇති අතර එක් නඩුවක් සදහා ඇය මෙලෙස මුදා හරින ලද අතර අනෙක් නඩු සදහා ලබන 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඇය මාස දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිම විමර්ශන අවසන් වීම ඇතුළු කරුණු යටතේ නීතිඥ දසුන් නාගස්හේන මහතා ඇතුළු නීතිඥ මඩුල්ල ඇප ඉල්ලීම කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇප මත මුදා හැරීම සමගයි.

Example Image