hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 13, ප.ව. 3:19


තිලිණිට සහ ජානකීට දුන් නියෝගය

මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලිව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ඇයව අද (13) බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වනදා දක්වා එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

කෙසේවෙතත් තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරික කාන්තාවක් වන ජානකී සිරිවර්ධන නමැත්තිය ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.