hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 17, ප.ව. 3:44


දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට හේතුව සොයන්න අධිකරණ නියෝගයකින් විශේෂ කමිටුවක්

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයෙකු වූ දිනේශ් ශාෆ්ටර්ගේ මරණය, සියදිවි හානි කර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (17) නියෝග කළා.

එහිදී මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළේ, එම පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය පත් කර ගැනීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව, මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නම් කර එවන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය එම නියෝගයෙන් දැනුම් දුන්නා.