hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 24, ප.ව. 5:05


ජොන්ස්ටන් CIDයෙන් පිටව යයි

අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොරදී ඉකුත් (9) දින ඇති වු කළහාකරි සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා පොදුජන එක්සත් පෙරමුණු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24)  පැය 5 අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව වාර්තා වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබු දැනුම් දීමකට අනුව හිටපු අමාත්‍යයවරයා අද පෙරවරු 10.15 ට පමණ එහි පෙනී සිටියා.

කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට තරුණයන් පිරිසක් විසින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින්.