hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 ජූනි 09, ප.ව. 2:49


ජොන්ස්ටන්ට රෑ 8.00 වෙනකන් වෙලාව දෙයි

වහාම අද රාත්‍රී 8.00ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් අභියාචනාධිකරණය අද (09) හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියෝගයක් නිකුත් කළා.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් වුණා.