hit counter

2025 දෙසැම්‍බර් මස 28 වන ඉරිදා

2023 ජූනි 23, ප.ව. 4:49


කළුතර හෝටලයක පාසල් සිසුවියගේ මරණයට ඇල්ලූ සැකකරුවන්ට අද ලැබුණු නියෝගය

කළුතර ප්‍රදේශයේ හෝටලයකින් ඇදවැටී තරුණයෙකු මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ජුලි මස 07 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධානාගාරගතකර තිබෙනවා.

සැකකරුවන් අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

මේ අතර කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින සැකකාර උපකාරක පන්ති ගුරුවරයා ද අද අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ එම සැකකරු ද ජුලි මස 07 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධානාගාරගතකරන ලෙසටයි.