hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 ජූනි 25, ප.ව. 8:50


ඉන්ධන නිකුත් කිරීම අත්‍යාවශ්‍ය සේවා වලට පමණයි

ඉන්ධන ලැබෙන දිනයක් තහවුරු කිරීමට නොහැකි නිසා පෝලිම්වල රැඳී නොසිටින ලෙස විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉල්ලා සිටිනවා.

එම නිසා සිදුවන අපහසුතාවය ගැන තමා සමාව අයදින බවයි ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ.

එසේම ඉන්ධන නෞකාවක් යලි පැමිණෙන තුරු පවතින ඉන්ධන බෙදාහැරීමේදී පොදු ප්‍රවාහනය, බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත සඳහා මුලිකත්වය ලබාදෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

සීමිත ඩීසල් සහ පෙට්‍රල් තොග ලබන සතිය පුරාවට සීමිත ස්ථාන වෙත බෙදා හරින බවද අමාත්‍යවරයා නිකුත්කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එම ට්විටර් පණිවිඩය පහතින්.