2022 මැයි 19, ප.ව. 2:13
වහාම පෙට්‍රල් ලබා දෙන ලෙස බල කරමින් පේරාදෙණිය නගරයේ සිට කොළඹ හා ගම්පොල දෙසට ගමන් ගන්නා මාර්ග අවහිර කොට විරෝධතාවයක් පැවැත්වීමට එම ප්‍රදේශවාසීන් අද (19) කටයුතු කළා.
පේරාදෙණිය නගරයේ ඇති ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් ලබා දෙන තුරු පෝලිමේ සිටි රියදුරන් ගම්පොල දෙසට රථ වාහන ධාවනය කළ නොහැකි ආකාරයෙන් ඉන්ධන පිරවුම් හල අසල මාර්ගය අවහිර කළ අතර ගන්නෝරුව ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් බලාපොරොත්තුවෙන් සිටි පිරිසක් ගන්නෝරුව හන්දියෙන් නුවර කොළඹ මාර්ගය අවහිර කොට උද්ඝෝෂණයේ නියැලුණු බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
මේ හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක්ද උද්ගත වූ අතර එම ස්ථානයට පැමිණි පේරාදෙණිය පොලිසියේ හා යුද හමුදාවේ නිලධාරීන් එක්ව උද්ඝෝෂකයන්ට කරුණු වටහා දී තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්තා.
විරෝධතාවයේ නියැලුණු පීරිස් සඳහන් කළේ තමන් ඉන්ධන ලැබේ යැයි බලාපොරොත්තුවෙන් දින දෙක තුනක් මෙම පෝලිමේ සිටින බවයි.
ප්‍රදේශයේ ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් බෙදා හරින බවත් පේරාදෙණිය ප්‍රදේශයේ කිසිදු ඉන්ධන පිරවුම් හලක පෙට්‍රල් නොමැති බවත් ඔවුහු පැවසූවා.
2026 පෙබරවාරි 06, ප.ව. 5:28
2026 පෙබරවාරි 06, ප.ව. 3:05
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11