hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අගෝස්‍තු 16, ප.ව. 12:09


කෝටිපති කපුවා ගාල්ලෙන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට

බාලවයස්කාර  පිරිමි දරුවන් ලිංගික ක්‍රියාවලට යොදා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින උණවටුන මැටරඹ සතර මහා දේවාලයේ කපුවා ගාල්ල බන්ධනාගාරයෙන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත  මාරු කර යැවිමට කටයුතු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

මෙම කපුවාගේ ආරක්ෂාව පිළිබද සැලකිල්ලට ගෙන ඔහු ඊයේ (15) පස්වරුවේ දි ගාල්ල බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවිමට කටයුතු කළ බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

බලාවයස්කාර සිසුන් අපයෝජනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබු මෙම කපුවා මෙම මස  23 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබුණා.

ගාල්ල – ලලිත් චාමින්ද