hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 ජූනි 16, ප.ව. 1:03


කටුවාපිටිය පාරේ සැක කටයුතු පාර්සලයක්

කටුවාපිටිය මාර්ගයේ කුරුස හන්දිය ආසන්නයේ සැකකටයුතු පාර්සලයක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව එම ස්ථානයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පසුව අදාළ ස්ථානයේ අත්බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව නිෂ්ක්‍රිය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළා.