hit counter

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2025 මැයි 20, ප.ව. 2:50


කෙහෙළිය ඇතුළට යද්දී පුත්‍රයාත් සැකකරුවෙකු ලෙස නම් කරයි.!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

ඒ ඔහුට අදාල දූෂණ නඩුව අද (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

එමෙන්ම මෙම නඩුකරයේ සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමටද අධිකරණය අවසර දුන්නේය.

අල්ලස් කොවිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.