hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 06, පෙ.ව. 7:45


මගී බස් රථයකට ගසක් කඩා වැටෙයි – දැඩි රථ වාහන තදබදයකුත්

අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කරමින් ඇති බවයි.

ලිබර්ටි වටරවුමේ සිට මීටර් 100ක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති අතර අදාළ බස් රථය කොළඹ – දෙනියාය බස් රථයකි.

අනතුර හේතුවෙන් මේ වනවිට එම මාර්ගය අවහිර වී ඇති බවද පොලීසිය පැවසුවා.