hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 27, ප.ව. 1:31


වෙල්ගමට පහර දීමේ සිද්ධිය : 2ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ  මහතාගේ  පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම  සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාකුඹුර ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි පුද්ගලයකු හා හොරණ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

ඉකුත් (09) දින රට පුරා ඇති වු කළහාකාරි සිද්ධිය අතරතුර කොට්ටාව අධිවේගී පිවිසුමේ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.