hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 01, ප.ව. 1:28


දිස්ත්‍රික්ක 7කට නායයාමේ අවදානම් නිවේදන

පවතින වර්ෂාපතනය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 07කට නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ‌සදහා.

මෙම දිස්ත්‍රික්කවලට පසුගිය පැය තුළ මිලිමීටර 75 ඉක්මවූ වැසි පැවති බැවින , වර්ෂාව තවදුරටත් පවතීනම් නායයාම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරලීම් සහ පොලොව ගිලා බැසීමේ අවදානම් පිළිබද සැලකිලිමත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවට දැනුම් දෙනු ලබයි.