hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 02, ප.ව. 4:49


ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක අටකට පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන හෙට (03) ප.ව 03.00 දක්වා දීර්ඝ කර ඇති බවයි.

එසේම සෙසු ප්‍රදේශවලද කඳු හා බෑවුම් ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවද පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් යොමුවන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.