hit counter

2025 දෙසැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 19, ප.ව. 2:37


ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනී කොතලාවල දිවි රඟ මඩලෙන් බැස යයි

ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගනවේදිනී ලියෝනී කොතලාවල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය වයස අවුරුදු 74 වන වියේ පසු වුවා.

ලියෝනි කොතලාවල මහත්මිය සිනමාවට එක්වී තිබුණේ “සාමා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින්.

ඇය “චණ්ඩාළි”, “පිපෙන කුමුදු”, “වජිරා”, “රජ දරුවෝ” සහ “පුනරුප්පත්තිය” වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වී තිබෙනවා.