hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2022 අප්‍රේල් 23, ප.ව. 9:18


පියල්ගේ සහ ලොහාන්ගේ ඇමැති ධූර ගැනත් තීන්දුවක්

පියල් නිශාන්ත හා ලොහාන් රත්වත්තේ යන මහත්වරුන් පෙර දැරූ අමාත්‍ය ධුර තවදුරටත් ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2276/64 අංක දරණ 2022.04.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව මීට පෙර පත්කර ඇති පහත සඳහන් රාජ්‍ය අමාත්‍යවරුන් ද තවදුරටත් කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

01. ලොහාන් රත්වත්තේ මහතා
මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

02. පියල් නිශාන්ත ද සිල්වා මහතා
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය