hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 12, ප.ව. 5:04


හදිසි නීතියට එරෙහි පෙත්සම් 3ක්

හදිසි නීතිය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් වැඩිදුර විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

ලිබරල් තරුණ ව්‍යාපාරය වෙනුවෙන් එහි කැඳවුම්කරුවන් වන නීතිඥ නාමිනි පණ්ඩිත සහ රුසිරු එගොඩගේ 261/2022 පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්‍ය ගෙහාන් ගුණතිලක සඳහන් කලේ හදිසි නීති ගැසට් පත්‍රයේ දක්වා ඇති රෙගුලාසි කිහිපයක් නිසා ජනතාව ගේ මූලික අයිතිවාසිකම් කඩ වන බවයි.

ඒ අනුව භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස, සමානාත්මතාවයේ අයිතිය, අධිකරණයෙන් වරදකරුවෙකු බව තහවුරු වන තුරු නිදොස් පුද්ගලයෙකු ලෙස සැළකීමේ අයිතිය මේ නිසා උල්ලංඝණය වන බවට ද ඔහු වැඩිදුරටත් කරුණු දක්වා තිබෙනවා.

මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට පෙත්සම්වල දක්වා ඇති හදිසි නීති රෙගුලාසි සමාලෝචනය කොට වාර්තාවක් ලබා දෙන ලෙස ද මෙහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල රජයට නියෝග කළා.