2023 අගෝස්‍තු 20, ප.ව. 3:50
වසර 47කින් පසු පළමුවරට රුසියාව, සඳ වෙත යැවූ ලූනා 25 යානය සඳේ පෘෂ්ඨය මතට කඩා වැටී තිබෙනවා.
සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොස් බැස්වීමට සැලසුම් කළ, මිනිසුන් රහිත යානය සඳ බලා ගමන් ආරම්භ කළේ පසුගිය 11 වනදාය.
යානය හෙට (21) දිනයේදී සඳ මත ගොඩබැස්වීමට නියමිතව පැවති නමුත් සැලසුම්කළ පරිදි ගොඩබැස්වීමේ පථයට ළඟාවීමට යානය අපොහොසත් වූ බව රුසියාව මීට පෙර ප්‍රකාශ කළා.
රුසියානු රොස්කොස්මොස් අභ්‍යවකාශ ආයතනය වැඩිදුරටත් නිවේදනය කළේ, යානය සමඟ පැවති සබඳතා බිඳ වැටුණු බවයි.
2025 අගෝස්‍තු 18, ප.ව. 12:51
2025 අගෝස්‍තු 14, ප.ව. 7:28
2025 අගෝස්‍තු 12, ප.ව. 2:06
2025 අගෝස්‍තු 07, පෙ.ව. 8:22
2025 අගෝස්‍තු 06, ප.ව. 4:05