hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 ජූනි 13, ප.ව. 3:11


විදුලිබල මණ්ඩලයේ සභාපති අස්වෙයි

විදුලි බල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා අද (13) සිය තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඔහුගේ ඉල්ලා අස් වීමේ ලිපිය විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාට ලැබුණු බවත් එය තමා බාර ගත් බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විරට් ගිණුමේ සටහනක් තබමින් කියා සිටිනවා.

එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩුගේ ඉල්ලා අස් වීමෙන් හිස් වූ විදුලි බල මණ්ඩලයේ මුල් පුටුව සඳහා විදුලි බල මණ්ඩලයේ හිටපු උප සභාපති නලින්ද ඉල්ලංගකෝන් මහතා පත් කර තිබෙනවා.