hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූනි 27, පෙ.ව. 8:28


මහාවංශය ලෝක උරුමයන් අතරට

යුනෙස්කෝව විසින් “මහාවංශය” ලෝක වාර්තාමය උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මීට අදාළ නිල නිවේදනය පසුගිය 24 වන දා ප්‍රකාශයට පත් කළ බවයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේ.

මීට පෙර මතක උරුමයන් ලෙස ජාතික ලේඛනාරක්ෂක දෙපාර්මේන්තුවේ ඇති ලන්දේසි සමයට අයත් ලේඛන සහ 2005 සූනාමි සිදුවීම අදාළ ලේඛන නම් කර තිබෙනවා.