hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 08, ප.ව. 2:05


මහින්දට විදෙස්ගතවීමට අවසර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම ලබන මස 20 වනදා සිට 30 වනදා දක්වා ඉවත් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.

ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.