hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 15, ප.ව. 6:20


මහින්දට සහ බැසිල්ට රට යන්න බැහැ – අධිකරණයෙන් නියෝගයක්

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ලබන 28 වනදා දක්වා එම නියෝගය බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශන සිදුකරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදෙනු ලැබුවා.