hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 22, ප.ව. 1:09


මෛත්‍රීගේ පෙත්සමේ තීන්දුව කල් යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ තීන්දුව මාර්තු මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය දැනුම් දී තිබෙනවා.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාල පෙත්සම ගොනුකර තිබුණා.

එහි තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද එම නියෝගය ප්‍රකාශයට පත් කිරීම මාර්තු මස 01 වනදා දක්වා කල්තබන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දී තිබෙනවා.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව ප්‍රහාරයේ වින්දිතයින් විසින් නඩු 108 ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබුණා.