hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජනවාරි 26, ප.ව. 7:49


මෛත්‍රිගේ පෙත්සමට නියෝගයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් සැකකරුවෙක් වශයෙන් නම්කරමින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනුකර ඇති රිට් පෙත්සමේ අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරනතුරු ඒ මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බව පැමිණිලිකාර පාර්ශ්වය අද (26) අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුන්නා.

මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන අදාළ පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.