2023 ජූලි 11, ප.ව. 1:56
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුව රුපියල් මිලියන 15 ක මුදලක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙවා තිබෙනවා.
ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියෝග කළේ, රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවීමට කටයුතු කරන ලෙසයි.
ජනාධිපති විශ්‍රාම වැටුපෙන් මාසිකව රුපියල් අනූ හත්දහස් පන්සියයක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285 ක මුදලක් ආදායම වශයෙන් තමන්ට ලැබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.
ඉතිරි වන්දි මුදල් රුපියල් ලක්ෂ 85 බැගින් වාරික 10 කින් ලබන වසරේ ජුනි 30 වනදා සිට ගෙවීම ආරම්භ කිරීමට අවසර දෙන ලෙසයි එමගින් ඔහු ඉල්ලා ඇත්තේ.