hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 ජූනි 17, ප.ව. 12:14


මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අවහිරය අවසන්

විරෝධතාවක් හේතුවෙන් අවහිර වූ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ප්‍රවේශ වන මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

අද (17) පෙරවරුවේ ඉන්ධන නොලැබුණු බස් රථ සේවකයන් පිරිසක් විසින් මෙලෙස විරෝධතාවයේ නිරත වූ අතර ඔවුන් ප්‍රකාශ කර සිටියේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ සඳහා ගැටළුවකින් තොරව ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඉන්ධන නිකුත් කරන බවයි.

ඔවුන් ඉල්ලීම් කර සිටියේ සාමාන්‍ය බස් රථවලට එම පහසුකම නොලැබීමෙන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවත් අධිවේගයේ බස් රථවලට ලබාදෙන ඉන්ධන පහසුකම සාමාන්‍ය බස්රථවලට ද ලබාදෙන ලෙසයි.