hit counter

2025 දෙසැම්‍බර් මස 26 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 18, ප.ව. 5:38


මිල්කෝ සමාගමට නව සභාපතිවරයෙක්

සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා පත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පියවර ගෙන ඇත.

ඒ අනුව  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුරට අමතරව මෙම සභාපති ධුරයේ ද රාජකාරි කටයුතු ද ජනක ධර්මකීර්ති මහතාට පවරා ඇත.