hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 08, ප.ව. 7:22


මිල්ලනිය ළමුන් තිදෙනෙකුට පහර දීමේ සිද්ධිය: විදුහල්පතිනියක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රිමාන්ඩ්

මිල්ලනිය ගුංගමුව කනිෂ්ට විද්‍යාලයේ සිසුන්ට වධ හිංසා පැමිණවීමේ සිද්ධියට අදාලව එම විදුහලේ විදුහල්පතිවරයා සහ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මගේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ විදුහලපතිවරයා සහ පොලිස් නිලධාරින් දෙදෙනෙක් එළඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර අදාල සිද්ධියට සම්බන්ධ තවත් ගුරුවරයෙක් සහ පොලිස් නිලධාරියෙකුට ඇප ලබා දීමටත් කොළඹ ප්‍රධාන මගේස්ත්‍රාත්වරයා නියෝග කළා.