hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 17, පෙ.ව. 10:46


පතලක් කඩා වැටී 2ක් මරුට

රක්වානේ අනවසර පතලයක් කඩාවැටී ඊට යටවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

රක්වාන මාදම්පේ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ වත්ත අංක 01 කොටස ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අනවසර පතලක් මෙලෙස කඩාවැටී ඇත්තේ.

මෙම අනවසර පතල කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති අතර හදිසියේම පතල කඩා වැටී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී පතලේ පුද්ගලයින් 04 දෙනෙකු සිට ඇති බවටද තොරතුරු වාර්තාවී ඇත්තේ.

කෙසේවෙතත් පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු මේ වනවිට හමුවී ඇති අතර කහවත්ත මුලික රෝහලේ දේහයන් තැන්පත් කර තිබෙනවා.

රක්වාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.