hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 02, ප.ව. 12:14


උසස් පෙළ විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්

2019 වසරේ සිට 2021 දක්වා වසර තුනේදී අපොස උසස් පෙළ විභාගය සමත් සිසුන්ට පොලී රහිත ශිෂ්‍ය ණය අයදුම් කිරීමට අවස්ථාව උදාවී ඇතැයි  අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.

අයදුම්පත් කැඳවීම මේ මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.

අදාළ අයැදුම්පත http://www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ යොමු කළ හැකි බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0703555970 සිට 79 දක්වා දුරකථන අංක අමතා ලබාගත හැකි බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අගෝස්තු මස 7 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකියි.