hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2023 ජූනි 21, ප.ව. 12:25


නතාෂාට හා බෘනෝට ලැබුණු අධිකරණ තීන්දුව

බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළ බවට රක්ෂිත බන්ධනාගාරගතකර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනි නතාෂා එදිරිසුරිය යළි ජුලි 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඇයගේ ප්‍රකාශ යු ටියුබ් නාලිකාවක් හරහා ප්‍රතිචාර කළ බෘනෝ දිවාකර ඇප මත නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ එම නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී.

බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කලැයි නතාෂා එදිරිසුරිය පසුගිය මස 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ සිංගප්පුරුව බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදීයි.