hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 10, ප.ව. 10:37


පරිසර ඇමතිගේ නිවසත් ගිනිබත් වෙයි

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පදිංචි එරාවුර් පිහිටි නිවසට ඊයේ (10) රාත්‍රි ගිනි තැබු කලහකාරි පිරිසක් ඔහුගේ බාල සහෝදරයාට අයත් එරාවුර් නගරයේ පිහිටි වෙළදසැල් දෙකකට පහරදි  බරපතල හානි සිදුකර ඇතැයි එරාවුර් පොලිසිය කියයි.

අමාත්‍යවරයා පදිංචි ගිනි තැබු නිවස ඔහුගේ බාල සහෝදරයාට අයත් එකක් වන අතර ගින්නෙන් නිවසට දැඩි හානි සිදුවි තිබෙනවා.

කලහාකාරි පිරිස් රාත්‍රි නගරයට එකතු වි කළහකාරි ලෙස හැසිරෙමින් එම නිවස ගිනි තැබිමෙන් අනතුරුව ඊට නුදුරින් පිහිටි වෙළදසැල් දෙකට පහරදුන් බව පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති එරාවුර් පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා කටයුතු කරමින් සිටිනවා.