hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:37


මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල් හිටපු තැනටම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් මස (31) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: