hit counter

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 15, ප.ව. 3:54


දින 100කට වැසෙන නොරොච්චෝලේ 3 වන ජනන යන්ත්‍රය

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රය ජුනි මස 13 වනදා සිට දින 100 ක කාලයකට වසා දැමෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අලුත්වැඩියා කටුත්තක් හේතුවෙන් එම ජනන යන්ත්‍රය වසා දැමෙන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් අනෙකුත් තාප බලාගාර සමග විදුලි කප්පාදුවකින් තොරව විදුලි ජනනය කළමනාකරණය කෙරෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.