2022 ජූලි 20, ප.ව. 9:11
ජාතික වැඩපිළිවෙළක් ගොඩනගන්නැයි ලිබරල් තරුණ ව්‍යාපාරය නව ජනපතිගෙන් ඉල්ලා සිටියි.
එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ලිබරල් වටිනාකම් ගැන කැපවෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
එම නිවේදනය පහතින්,
අරගලයක ජයග්‍රහණයක් ලෙස ඉල්ලා අස්වූ ජනාධිපති ධූරයේ අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස උත්තරීතර පාර්ලිමේන්තුව දැන් රනිල් වික්‍රමසිංහ තෝරා පත් කරගෙන ඇත. ආර්ථික හා දේශපාලනික අර්බුද රැසක් පවතින මේ මොහොතේ, ඒ සියලු අර්බුද වෙනුවෙන් දේශපාලනික කුලල් කා ගැනීමකින් තොරව, බලය රැක ගැනීම ගැනම පමණක් නොසිතා, මේ ජාතික අර්බුදයෙන් රට ගොඩ නැගීම ම පමණක් සිතා ඔහු කටයුතු කරනු ඇතැයි අපි පලමු කොට අපේක්ෂා කරන්නෙමු !
ලිබරල් තරුණ ව්‍යාපාරය වශයෙන් අපි රනිල් වික්‍රමසිංහ නව ජනපති වරයාගෙන් ඉල්ලා සිටින්නේ මූලික ලිබරල් වටිනාකම් වන නිදහස, නීතියේ ආධිපත්‍ය, සාමය, ඉවසීම, සෑම පුද්ගලයකුටම සමානව ගරුකරන සහ පුළුල් මානව හිමිකම් තහවුරු කරන නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමෙහිලා කැපවන ලෙසයි. රටේ සමස්ථ පුරවැසියන් ඉල්ලා සිටින ‘ක්‍රමවේදයේ වෙනස’ යථාර්ථයක් බවට පත්කරගත හැකි වනුයේ ඉහත කී ලිබරල් ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් තහවුරු කිරීමෙන් පමණක් බව අපි විශ්වාස කරමු.
ඉහත කී ලිබරල් ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් මත පදනම් වෙමින් සර්වපාක්ෂික සම්මුතියකින් යුක්ත පොදු දේශපාලනික වැඩපිළිවෙළක්, ජාතික න්‍යාය පත්‍රයක් ඉදිරි අවුරුදු දෙක හමාරක කාලය තුල ඔහු විසින් ගොඩනගනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. එහිදී පටු දේශපාලනික අරමුණු මුදුන් පත් කරගන්නවා වෙනුවට, රටේ ජනතාවගේ ප්‍රශ්න, පීඩනය සහ ඒවා සියල්ල විසඳමින් ඔවුන්ගේ අනාගතය මීට වඩා යහපත් කරලීම ඔහුගේ අරමුණ විය යුතු බව අප තරයේ සිහිපත් කරන්නෙමු.
මෙතෙක් කල් නඩත්තු කරමින් පැවත ආ දූෂණය වංචාව අක්‍රමිකතා වලට තිත තබමින් මූල්‍ය විනයක් ඇති කරලමින්, මේ සියලු අර්බුද වලට විසඳුම් සොයන මාවතක් සියලු බලවේග එකතු කරගනිමින් ඔහු විසින් නිර්මාණය කරනු ඇතැයි අපි අවධානයෙන් යුතුව බලා සිටින්නෙමු.
ස්තුතියි !
2024 දෙසැම්බර් 17, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 13, ප.ව. 5:22
2024 දෙසැම්බර් 12, ප.ව. 3:11
2024 දෙසැම්බර් 05, ප.ව. 1:28
2024 දෙසැම්බර් 03, පෙ.ව. 10:41