hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 දෙසැම්‍බර් 10, ප.ව. 12:11


පාර්ලිමේන්තුව කල් තබයි

විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස අද (10) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස් වුණා.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීම සඳහා අද දිනයේ පාර්ලිමේන්තුව රැස් වුණා.

ඒ අනුව, පෙරවරු 09.30ට ආරම්භ වූ අතර පස්වරු 4.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතව තිබුණද සභාවේ ඝන පූර්ණය නොමැති වීම නිසා නියෝජ්‍ය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව හෙට උදෑසන 9.30 තෙක් කල් තබනු ලැබුවා.