2023 අගෝස්‍තු 23, පෙ.ව. 10:37
නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා.
මන්ත්‍රීවරුන් දිගින් දිගටම බාධා කිරීමත් සමඟ පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට නියෝජ්‍ය කතානායකවරයා තීරණය කළා.
මඩකලපුව ප්‍රදේශයේ කඩවිදියක් පිළිබඳව රසමනික්කම් මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පිළිතුරු දුන් අතර එහි දෙවන අතුරු ප්‍රශ්නය නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා අසන බව කියා සිටියා.
එහෙත් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා එහිදී විමසා සිටියේ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සිය මහජන දිනය පවත්වන අතර එසේ සිදුකරන්නේ කෙසේද කියලයි.
“අපිත් ආණ්ඩුවේ හිටියා හැබැයි අපි ප්‍රාදේශීය සභාවල මහජන දින තිබ්බේ නෑ.ඒ මදිවට පොහොට්ටුවේ බිංගිරිය බල මණ්ඩලය තිබ්බ වෙලාවේ තේ මේසය තිබ්බේ සභාව ඇතුලේ කොහොමද එහෙම කරන්නේ”නලින් බණ්ඩාර විමසා සිටියා.
“අහල තියෙන්නේ මඩකලපුවේ එකක් දැන් අහන්නේ බිංගිරිය ගැන අදාල නෑ “අශෝක ප්‍රියන්ත ඇමතිවරයා එසේ කිව්වා.
“දැන් වෙලාව කියද අපිට 10.30 න් පස්සේ උත්තර දෙන්න බෑ“ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියා සිටියා.
අනතුරුව නියෝජ්‍ය කතානායකවරයා එම ප්‍රශ්නය ඇසීමේ අවස්ථාව නතර කළා.
“මේක මෙහෙයවන්න නැත්තන් කල්තියල යන්න“අගමැතිවරයා කෙන්ත්යෙන් පවසා සභාවෙන් පිටව ගියා.
ඒ අවස්ථාවේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් නියෝජ්‍ය කතානායකවරයා අසලට ගොස් ප්‍රශ්න අසන්න දෙන්නැයි බලපෑම් කළා.
“විපක්ෂ නායකතුමා ඔබතුමාගේ මන්ත්‍රීවරු හසුරුවා ගන්න මෙහෙම මන්ත්‍රීවරු කැලා වලත් ඉන්නවා“නියෝජ්‍ය කතානායකවරයා කියා සිටියා.
ඒ අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ද කතානායක අසුන අසලට පැමිණ විපක්ෂයට චෝදනා කළා.
අනතුරුව සභාවේ කටයුතු මෙසේ මිනිත්තු 10 කට කල් දමා නියෝජ්‍ය කතනකවරයා සභාවෙන් පිටව ගියා.