hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 ජනවාරි 31, ප.ව. 9:40


අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස්වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371ක්.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363ක්.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262ක්.

මේ අතර ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 08කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 456ක්.

එසේම ලංකා සුපිරි ඩීසල් 4ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල ද රුපියල් 07කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468ක්.