hit counter

2025 දෙසැම්‍බර් මස 28 වන ඉරිදා

2023 මැයි 11, පෙ.ව. 11:02


අරගල ක්‍රියාකාරී පියත් නිකේශල අත්අඩංගුව

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පියත් නිකේශල කොළඹ ජාතික රෝහලේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

තුවාල ලද අරගල ක්‍රියාකාරිකයාට කඩුවෙල නගර සභාවේ හිටපු උප නගරාධිපති තවත් පිරිසක් සමග මෝටර් රථ දෙකකින් පැමිණ තලංගම කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේදී පහර දී තිබුණා.

සිද්ධියත් සමඟම කඩුවෙල මහ නගර සභාවේ උප නගරාධිපතිවරයා තමන්ට ද පහර දුන් බව පවසා මුල්ලේරියාව රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගැනුණා.

දෙපාර්ශවයේ විසින් සිදු කළ පැමිණිලි මත පහරදීම් වලට අදාළව සැකකරුවන් දෙදෙනාම තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.