hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 15, ප.ව. 1:23


පුද්ගලයින් 72ක් සමග ගුවන් යානයක් කඩා වැටෙයි

නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපළ ධාවන පථයේ දී ආසන 72කින් යුත් මගී ගුවන් යානයක් කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගුවන් යානය අනතුරට පත් වන විට එහි මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි The Kathmandu Post වාර්තා කරන්නේ.

අනතුරින් සිදු වූ ජීවිත හා දේපල හානිය පිළිබඳව තවමත් නිෂ්චිත සංඛ්‍යා දත්ත මාධ්‍ය වෙත නිකුත් වී නැති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙන් Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපළ තාවකාලිකව වසා දමා තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇති ගුවන් යානය Yeti ගුවන් සේවයට අයත් එකක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.