hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අප්‍රේල් 24, ප.ව. 4:46


විරෝධතාකරුවන් අගමැති නිල නිවස වටලයි

ජනාධිපති, අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඉවත්වන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල සිසුන් මේ වන විට කොළඹ විජේරාම මාවත ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවෙස වටලා දැඩි විරෝධයක් එල්ල කරමින සිටිනවා.

ඇතැම් සිසුන් තාප්පය මත නැග සිය විරෝධය එල්ල කරන අතර නිල නිවෙසට ඇතුළුවන ගේට්ටුව අසල කළු කොඩි ඔසාව ඔවුහු විරෝධය දක්වා තිබෙනවා.

එහිදී විරෝධතාකරුවන් අගමැති නිල නිවස ආසන්නයට පැමිණීමේදී උණුසුම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ පා ගමන මේ වන විට බොරැල්ල හරහා විජේරාම පාර ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද දහවල් කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ කළා.

කෙසේ වෙතත්, මෙම පා ගමන හේතුවෙන් කොළඹ – ගාලුමුවදොර පිටියට පිවිසෙන මාර්ග කිහිපයක්ම පොලිස් මාර්ග බාධක දමා වසා දමා තිබෙනවා.

මෙම විරෝධතාවට අධිකරණ නියෝගයක් ද ලබා ගැනීමට මීට පෙර පොලීසිය කටයුතු කර තිබුණා.