hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2022 ජූනි 22, ප.ව. 12:58


අගමැතිගේ නිවස අවට ආරක්ෂාව තර කරයි

සමගි වනිතා බලවේගය විසින් සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසට පිවිසෙන මාර්ගය සහ ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පිවිසෙන මාර්ග අවහිර කරමින් මාර්ග බාධක යොද ඇති බවයි වාර්තා වන්නේ.

“රාජපක්ෂලාගේ ගැලවුම්කරුවා රනිල්ගෙන් මව්බිම ගලවා ගනිමු,” යන මැයෙන් මෙම විරෝධතාව අද උදෑසන අගමැති නිවස ඉදිරිපිටින් ආරම්භ වුණා.