hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 09, ප.ව. 5:26


මොනරාගල SSP අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය: තවත් 5ක් කොටු

මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිවසේ ගංජා පැළ තිබීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේ වේළීම සඳහා සකස් කළ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් සහ පොළව අභන්තරයේ නීරීක්ෂණය කළ හැකි ස්කෑනර් යන්ත්‍රයක් සොයා ගෙන ඇති බව යි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ රියැදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා, නිවසේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු, මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව තල්දූව මහතා පැවසුවා.

මේ සඳහා භාවිත කළ බවට සැක කරනු ලබන ජීප් රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විමර්ශන අරම්භ කර තිබෙනවා.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මොනරාගල බලා පිටව ගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් කියා සිටියා.