hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූනි 27, පෙ.ව. 8:22


හඟුරන්කෙත පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් 200කට අධික පිරිසක් හඟුරන්කෙත පොලිස් ස්ථානය වටකර ති‌බෙනවා.

කාත්තා හා පිරිමි පුද්ගලයින් පිරිසක් එලෙස හඟුරන්කෙත පොලිස් ස්ථානයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය විසින් සිදුකරන විමර්ශන පිළිබඳ දැනුවත් කර තිබිය දීද එම පිරිස කලහකාරීව හැසිරී ඇති අතර, තවදුරටත් ප්‍රකෝප වූ පිරිස් පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව පෙරළා පොලීසිය තුළට ඇතුළුවීමට උත්සාහ දරා තිබෙනවා.