hit counter

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2025 මැයි 08, ප.ව. 10:07


නව පාප් වහන්සේ තෝරා පත් කරගනී

බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාවගේ නව  නායකයා මීට සුළු වෙලාවකට පෙර වතිකානයේ සිස්ටීන් දෙව් මැදුරේදී තෝරාපත්කරගෙන තිබේ.

එය සංකේවත් කරමින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් විය.

ඒ අනුව නව පාප් වහන්සේ ඉදිරි පැයේදී ශාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් ඇති සඳලු තලයේ පෙනී සිටිනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

දුම් කවුළුවෙන් සුදු දුමාරයක් පිටවීමත් සමග ශාන්ත පීතර චතුරශ්‍රයේ රැඳී සිටින ජනතාව ඊට සතුට පළකරන අයුරු ද එම වාර්තාවන්හි දැක්වේ.