hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2022 ජූනි 28, ප.ව. 6:48


තැපෑල අද සිට දින 3ක් විතරයි

මේ දිනවල රට පුරා පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා ආදිය සැලකිල්ලට ගෙන දිවයිනේ තැපැල් සහ උප තැපැල් කාර්යාල සතියේ දින තුනක් පමණක් විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අද දින අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ අනුව සෑම සතියකම අඟහරුවාදා, බදාදා, සහ බ්‍රහස්පතින්දා දිනවල දිවයින පුරා පිහිටා ඇති තැපැල් සහ උප තැපැල් කාර්යාල හරහා මහජන සේවාවන් පවත්වාගෙන යනු ඇති.