hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 23, ප.ව. 5:21


විභාගේ කරන දරුවන්ට පොඩි සහනයක් – විදුලි කප්පාදුව අඩුකෙරේ

හෙට (24) පැය දෙකක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව මෙම විදුලි කප්පාදුව, ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩ සඳහා දිවා කාලයේ මිනිත්තු 40ක් හා රාත්‍රී කාලයේ පැය යි විනාඩි 20ක් වශයෙන් ක්‍රියාත්මක වනු ඇති.

මීට පෙර කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් මාධ්‍ය හමුවක දී උසස් පෙළ සමයේ විදුලි කප්පාදුව පිළිබඳ අදහස් පළ කළ අතර, ඔහු පැවසුවේ උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ අඛණ්ඩ ව විදුලිය ලබා දීමට විශාල මුදලක් අවශ්‍ය වන බව යි.

කෙසේ වෙතත් අද (23) උසස් පෙළ විභාගය ඇරඹුණු අතර, සිසුන්ට සිදු වී ඇත්තේ, විදුලි කප්පාදුව මැද අධ්‍යයන කටයුතුවල නිරත වීමට යි.