hit counter

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2022 අප්‍රේල් 19, ප.ව. 8:28


හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට (20) පැය 03යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K සහ L දක්වා වන කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02ක්ද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01 යි විනාඩි 20 ක් බැගින්ද විදුලිය කපා හැරෙනවා.

එමෙන්ම P, Q, R, S, T, U, V සහ W කලාපවලට අයත් ප්‍රදේශවලට උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ පැය දෙකක් විදුලිය කප්පාදු කෙරෙන අතර නැවතත් සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 20ක් විදුලිය විසන්ධි කෙරෙනවා.