hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 ජූනි 09, ප.ව. 2:04


බලාගාර 2ක් කඩාකප්පල්කාරීන් යටතේ – බලශක්ති ඇමති ආරක්ෂාව ඉල්ලයි

කඩාකප්පල්කාරී පිරිසක් විසින් මේ වනවිට රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

මේ මොහොතේ ඉංජිනේරු සංගම් කිහිපයක් එකතු වී වෘත්තිය ක්‍රියා මාර්ගයක නිරත වන බවද ඔහු එහිදී කියා සිටියා.

මෙවැනි  ත්‍රස්තවාදී ක්‍රියාවලින් සිදුවන්නේ ජලය හිඟ වී ඉන්ධන වලින් බලාගාර  දුවන්නට වන තත්ත්වයක් නිර්මාණය වීම බවත්  වෘත්තීය සමිති වලට රට බිත්තියට හේත්තු කරන්න ඉඩ දෙන්නට නොහැකි යැයිද මෙවැනි තත්ත්වයන් වැළැක්වීමට කඩිනමින් ආරක්ෂාව අවශ්‍ය යැයි ද අමාත්‍යවරයා පැවසුවා.